Nano Technology (sinhala)

කුමක්‌ ද මේ නැනෝ තාක්‌ෂණය?

කලක්‌ විද්‍යා ලෝකයට පමණක්‌ සීමා වී තිබූ "නැනෝ" යන වචනය අද එදිනෙදා වහරේ දී අපට නිතර අසන්නට ලැබේ. මීට වඩාත් හේතු වී ඇත්තේ නොයෙකුත් වාණිජ නිෂ්පාදන ය. "නැනෝ" යන වචනය ඇතැම් වෙළෙඳ භාණ්‌ඩ නම් කිරීමට යොදාගන්නවා මෙන් ම තවත් විටෙක භාණ්‌ඩ අලෙවිකරණයේ දී, එය නැනෝ තාක්‌ෂණය උපයෝගී කරගෙන තැනූ එකක්‌ බව කියමින් දැන්වීම් ප්‍රචාරණය කෙරෙයි. නැනෝ යන උපසර්ගය සන් නාමයට යෙදූ වාහන, තීන්ත වර්ග, ඇඳුම් පැළඳුම් හා ඉලෙක්‌ට්‍රොනික උපාංග කොතෙකුත් වෙළෙඳපොළේ දී දැකගත හැකි ය.

ඇත්තට ම මොකක්‌ ද මේ "නැනෝ"?

නැනෝ යන වචනය අතීතයේ ග්‍රීක හා ලතින් භාෂාවල භාවිත වූ "නැනස්‌" (අඟුටුමිට්‌ටා) යන වචනයෙන් බිඳී ආවෙකි. පසු කලෙක විද්‍යාඥයෝ, මෙය ඉතා කුඩා ප්‍රමාණ මැනීමේ ඒකකයක්‌ නම් කිරීමට යොදාගත් හ. මෙසේ "නැනෝ" යනුවෙන් නම් කළේ සම්මත මිනුමෙන් 1,000,000,000න් පංගුවකි. (1/109=10-9)
දිග මැනීමේ දී අන්තර්ජාතික ව පිළිගත් සම්මත ඒකකය වන්නේ මීටරයයි. එවිට නැනෝ මීටරයක්‌ යනු මීටර 0.000000001 (10-9) වේ. කාලය මැනීමේ සම්මත ඒකකය තත්පර 1ක්‌ වන අතර, තත්පර 1 x10-9ක්‌ නැනෝ තත්පරයක්‌ යනුවෙන් සැලකේ. තවද බර මැනීමේ සම්මතය ග්‍රෑමය වන අතර ග්‍රෑම් 1 x10-9 ක්‌ නැනෝ ග්‍රෑම් 1ක්‌ ලෙස හැඳින්වේ.
නැනෝ යන වචනය ආශ්‍රිතව දැන් දැන් වැඩි වශයෙන් අසන්නට ලැබෙන්නෙකි, නැනෝ තාක්‌ෂණය. නැනෝ තාක්‌ෂණය යනු ඉහත සඳහන් කළ නැනෝ මීටර පරිමාණයේ සිදු කරන ලබන ක්‍රියාවලියකි.
මඳකට සිතන්න, සාමාන්‍යයෙන් හිසේ කෙස්‌ ගසක විෂ්කම්භය මිලිමීටරයෙන් දහයෙන් පංගුවක්‌ පමණ වේ. නැනෝ මීටරයක්‌ යනු එම කෙස්‌ ගස තීරු එක්‌ ලක්‌ෂයකට පැලුව හොත් ඉන් එක්‌ කොටසක ඝනකම ය. ඉතින් මෙතරම් කුඩා වූ මාන ඇති ලෝකයකට පිවිස සිදු කරන තාක්‌ෂණික ක්‍රියාවලි ඇත්තෙන් ම විස්‌මයජනක වේ.
මෙවන් ක්‌ෂුද්‍ර ලෝකයක්‌ අපේ පියවි ඇසට කිසිසේත් ම දැකගත නොහැකි ය. එම නිසා ඒ සඳහා අප විශේෂ උපකරණ සහ උපක්‍රම භාවිත කළ යුතු වේ. මේ විශේෂිත උපකරණ සහ උපක්‍රම උපයෝගී කරගත් විට අපට නැනෝ ලෝකයට පිවිස එහි ඇති අණු, අණුක කොටස්‌ සහ පරමාණුවල අපූරු හැසිරීම් රටා නිරීකAෂණය කළ හැකි වේ. එපමණක්‌ නො ව ඒ තුළින් වන මේ අණු සහ පරමාණු අපට අවශ්‍ය ආකාරයට හැසිරවීමෙන් නව භෞතික ගුණ ඇති ද්‍රව්‍යයන්, උපකරණ සහ පද්ධති බිහි කිරීමට ද හැකි ය. වෙනත් විදිහකට පැහැදිලි කරනවා නම්, එක්‌ එක්‌ ගඩොල් කැටය බැගින් ගෙනැවිත්, අප සැලසුම් කළ ස්‌ථානවල තබමින් නිවසක්‌ ගොඩනඟනවා හා සමානව, පරමාණු, අණු සහ අණු පොකුරු ගෙන අපට සිතැඟි පරිදි එකිනෙක හා සම්බන්ධ කර නොයෙකුත් ද්‍රව්‍ය සහ උපාංග ගොඩනැගීමට යොදාගන්නා තාක්‌ෂණය නැනෝ තාක්‌ෂණය ලෙස හැඳින්වේ.

නැනෝ තාක්‌ෂණය ලෙසින් හැඳින්වෙන්නේ මෙසේ පදාර්ථයේ මූලික අවස්‌ථාවට පිවිස සිදු කරන ක්‍රියාවලියකි. එක්‌ අතකින් මෙය ස්‌වභාවධර්මයා ගේ නිර්මාණ කටයුත්ත අප අතට ගැනීමකි. නිවෙස්‌වල බිත්ති දිගේ සිරස්‌ ව ගමන් කරන හූනන් ඔබ කොතෙකුත් දැක ඇත. හූනකු ගේ පාදවල යට පැත්ත දෙස අතිප්‍රබල අණ්‌වීක්‌ෂයක්‌ තුළින් බැලුව හොත් එහි ඇති නැනෝ ව්‍යqහයන් ඔබට දැකගත හැකි ය. හූනන් වැනි සතුන්ට සිරස්‌ බිත්ති දිගේ ගමන් කිරීමට හැකියාවේ රහස මෙතරම් කුඩා රටාවක්‌ බව සිතිය හැකි ද? එසේ නම් මෙවන් රටාවක්‌ කෘත්‍රිම ව නිපදවා එය සපත්තු අඩියකට බද්ධ කළ හොත්, අපටත් සිරස්‌ බිත්ති දිගේ ගමන් කිරීමට හැකි වේ වි ද? ඔව් මෙය දැනටමත් සාර්ථක ව අත්හදා බලා ඇති පර්යේෂණයකි.

නෙළුම් කොළයකට හෝ හබරල කොළයකට ජලය ස්‌වල්පයක්‌ දැමූ විට එම ජලය එහි නො ර¹ මුතු පබළුවක්‌ මෙන් එක්‌ තැන් වී ඉන්පසුව ගලා යන සැටි ඔබ දැක ඇත. මෙනිසා මේ ශාක පත්‍ර ජලජ පරිසරයක ජීවත් වුවත්, එම ජලයෙන් තෙත් නො වී ආරක්‌ෂා වෙයි. මේ සංසිද්ධියෙA රහස දැනගැනීමට නම් අප නෙළුම් පතේ පෘෂ්ඨයේ ඇති නැනෝ ලෝකයට පිවිසිය යුතු ය. එවිට පෘෂ්ඨය මත ඇති ත්‍රිකෝණාකාර කඳු ගැට මෙන් වූ මයික්‍රොමීටර පරිමාණයේ ව්‍යqහ ද, ඒ මත ඇති ගැටිති ලෙස දිස්‌ වන නැනෝ ව්‍යqහ ද අපට දැකගත හැකි වේ. මේ ව්‍යqහ, නෙළුම් පත්‍රය අධි ජලභීතික පෘෂ්ඨයක්‌ බවට පත් කරයි.

මෙහි දී ජලය එම පෘෂ්ඨය තෙත් නො කරනවාට අමතරව තවත් දෙයක්‌ සිදු වේ. එනම් එම පෘෂ්ඨය මත පතිත වන කුණු දූවිලි ද ජලය සමඟ මිශ්‍ර වී ගලා යැමෙන් පෘෂ්ඨය පිරිසිදු ව තබයි. මෙය හඳුන්වන්නේ ස්‌වයං පිරිසිදු වීම වශයෙනි. මෙය අන්තර් අණුක බල ඇසුරෙන් ඉතා සරලව පැහැදිලිs කළ හැකි සංසිද්ධියකි. අපේ මුතුන් මිත්තන් ගොවිතැන් කරන යුගයේ දහවල් කෑම නෙළුම් කොළයකට බෙදාගත්තේ මේ බව දැනගෙන ද?

ස්‌වභාවධර්මයෙන් හමු වන නැනෝ තාක්‌ෂණික සංසිද්ධි ආදර්ශයට ගෙන අපට නොයෙකුත් යෙදුම්වලට භාවිත කළ හැකි ය. මදකට සිතන්න, දූවිලි නො රැෙදන, කිළිටි නො වන, දහඩිය නො රැෙදන, සේදීමට අවශ්‍ය නැති රෙදිපිළි, කාලයත් සමඟ අවපැහැ නො වන, දිය සෙවල නො බැඳෙන බිත්ති ආලේපන වර්ග, වීදුරු කවුළු සහ වහළ සෙවිලි කරන උළු වර්ග, විෂබීජ නො රැෙ`දන පෘෂ්ඨ යනාදිය හුදෙක්‌ විද්‍යා ප්‍රබන්ධ නො වන්නේ මේ සියල්ල දැනටත් සාර්ථකව අත්හදා බලා ඇති නිසා ය.

එපමණක්‌ නො ව මෙවන් ද්‍රව්‍ය වෙළෙඳ පොළට ද නිකුත් වී ඇත. එනමුත් මේවා නිපදවීමට තවමත් සැලකිය යුතු වියදමක්‌ දැරිය යුතු නිසා මිල ගණන් මඳක්‌ ඉහළ අගයක්‌ ගනී. එනමුදු ඇතැම් කර්මාන්ත හා ක්‌ෂේත්‍රවල මෙවන් දේ පිරිසිදු ව පවත්වාගෙන යැමට දරන වියදම හා සැසදූ විට මෙය ලාබදායී ආයෝජනයක්‌ විය හැකි ය. දිනපතා මහා පරිමාණයෙන් රෙදිපිළි සහ ඇඳ ඇතිරිලි, එමෙන් ම කෑම බීම පිළියෙල කරන ආම්පන්න පිරිසිදු කළ යුතු සංචාරක කර්මාන්තය හා සෞඛ්‍ය සේවය මෙයට හොඳ උදාහරණය වේ.

ජලය සහ කුණු දූවිලි පමණක්‌ නො ව විෂබීජ පවා නො රැෙදන පෘෂ්ඨ නැනෝ තාක්‌ෂණය හරහා අපට නිර්මාණය කරගත හැකි ය. බැක්‌ටීරියා හා වයිරස්‌ යනු අපට නොයෙකුත් ලෙඩ රෝග ඇති කරන ක්‍ෂුද්‍ර ජීවීන් ය. එම ක්‍ෂුද්‍ර ජීවීන් ව්‍යාප්ත වන ප්‍රධානතම ක්‍රමය නම් ස්‌පර්ශයයි. මේ බැක්‌ටීරීයා නොයෙකුත් පෘෂ්ඨ මත තැන්පත් වී කොලනි (ගණාවාස) සාදාගෙන සිටිය දී අප එම පෘෂ්ඨය ස්‌පර්ශ කිරීමෙන් රෝග වැළඳීමේ අවදානමක්‌ ඇති වේ. විශේෂයෙන් ම ආහාර පාන සැකසීමට යොදාගන්නා භාජන, පිහියා වැනි ආම්පන්න ද රෝහල්වල බිත්ති, ඇඳ ඇතිරිලි හා අනෙකුත් උපකරණ ද මෙයට දායක වන පෘෂ්ඨ අතර මුල් තැන ගනී.

මේ ක්‍ෂුද්‍ර ජීවීන් ඇතැම් පෘෂ්ඨ ස්‌වභාවයන්වල කොලනි සෑදීමට කැමැත්තක්‌ නො දක්‌වන බවත්, රිදී නැනෝ අංශුවලට විෂබීජ නැසීමට සහජ හැකියාවක්‌ ඇති බවත් පර්යේෂණවලින් පෙනී ගොස්‌ ඇත. නැනෝ තාක්‌ෂණික උපකරණ උපයෝගී කරගනිමින් මෙසේ බැක්‌ටීරියා ව්‍යාප්ත වීමට අකැමැති පෘෂ්ඨවල ස්‌වභාවය හඳුනාගැනීමටත්, ඒ අනුව බැක්‌ටීරියා නො රැෙ`දන නැනෝ ව්‍යqහවලින් යුත් පෘෂ්ඨ නිර්මාණය කිරීමටත් අපට හැකි ය. එමෙන්ම රිදී නැනෝ අංශු ඇඟලුම්වලට මුසු කර වියා ගැනීමෙන්, ඇඟලුම්වල විෂබීජ රඳනා හැකියාව සහ ව්‍යාප්ත වීමේ හැකියාව බොහෝ දුරට අඩු කරවාගත හැකි ය. මින් රෙදිපිළිවල පිsරිසිදු බව රැකගත හැකිවාක්‌ මෙන්ම දහඩිය නිසා ඇති වන අප්‍රසන්න දුගඳ හැමීම ද වළක්‌වාගත හැකි ය. මෙවැනි උපයෝගයක වැදගත්කම ඉස්‌මතු වන්නේ එදිනෙදා ඇඳුම් පැළඳුම්වලට පමණක්‌ නො ව සංචාරක කර්මාන්තයේ මෙන්ම රෝහල්වල ඇඳ ඇතිරිලි, වෛද්‍ය සැත්කම්වලට භාවිත කරන රෙදිපිළි ගැන ද සැලකීමේ දී ය.

ස්‌වභාවධර්මයා නිර්මාණය කර ඇති ද්‍රව්‍ය අතරින් දෘඪතාව වැඩි ම ද්‍රව්‍යය දියමන්ති වේ. එනමුදු ප්‍රබල අණ්‌වීක්‌ෂ තුළින් නිරීක්‌ෂණය කළ විට මේවාහි අණු අතර නොයෙකුත් හිඩැස්‌ සහ විෂමතා දැකගත හැකි ය. ද්‍රව්‍යයක්‌ තුළ මෙවන් විෂමතා තිබීම එම ද්‍රව්‍යයට දැරිය හැකි උපරිම ආතතිය හෝ පීඩනය අඩු කිරීමට හේතු වේ. විෂමතාවලින් තොර අණුක ව්‍යqහ නිර්මාණය කරගත හැකි නම් යාන්ත්‍රික ශක්‌තියෙන් ඉහළ වූත්, අතිනම්‍යශීලි වූත් ලක්‌ෂණ ඇති ද්‍රව්‍ය බිහි කළ හැකි ය. ඒ සඳහා අපට නැනෝ තාක්‌ෂණය උපයෝගී කරගෙන සැම අණුවක්‌, පරමාණුවක්‌ බැගින් අසුරමින් විෂමතාවලින් තොර ද්‍රව්‍යයන් නිර්මාණය කිරීමට හැකියාවක්‌ තිබේ. මේ ප්‍රයත්නයේ සාර්ථක ප්‍රතිඵලයක්‌ නම් කාබන් නැනෝ නාළ ය. දැනට ලොව නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍යවලින් ශක්‌තිමත් ම හා අධි බල යටතේ නො නැමී පැවතිය හැකි ද්‍රව්‍ය අතරින් ප්‍රථම ස්‌ථානය හිමි කරගන්නේ කාබන් නැනෝ නාළ ය. මේවා කෙතරම් ශක්‌තිමත් දැයි පවසනවා නම් හරස්‌කඩ වර්ගඵලය මිලි මීටර් 1ක්‌ වූ තන්තුවකින් ටොන් 6ක්‌ (කි. ග්‍රෑ. 6000) බර කන්ටේනරයක්‌ එල්ලාගෙන සිටීමේ හැකියාව හා සමාන හැකියාවක්‌ ඇත.

වෛද්‍ය විද්‍යාවේ යහපැවැත්මට සහ සැත්කම් ආදියට අවශ්‍ය පිරිසිදු පසුතලයක්‌ නිර්මාණය කිරීමට අමතරව රෝග නිධානය සෙවීමට සහ ප්‍රතිකාර සිදු කිරීමට ද නැනෝ තාක්‌ෂණයෙන් මහත් බලපෑමක්‌ ඇති කළ හැකි ය. බටහිර ප්‍රතිකාර ක්‍රමයට අනුව අසනීපයක දී අප භාවිතයට ගන්නා ඖෂධවල ප්‍රතිඵල ආසාදිත ප්‍රදේශයට පමණක්‌ නො ව ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට ද බලපෑම් ඇති කරයි. එම නිසා බොහෝ ඖෂධ ඇසුරුම්වල, එම ඖෂධය මඟින් ඇති විය හැකි අතුරු ආබාධ ගැන අනතුරු ඇඟවීම් ඇත. "ඉලක්‌කගත ඖෂධ බෙදා හැරීම" මීට පිළිතුරක්‌ ලෙස ඉදිරිපත් වූ සංකල්පයකි. මෙහි දී ආසාදිත තත්ත්වයට හා ස්‌ථානයට පමණක්‌ සීමා වන ලෙස ඖෂධ සිරුරේ බෙදාහරින්නට සැලැස්‌වේ. මේ සංකල්පය සාර්ථක කරගැනීමට නැනෝ තාක්‌ෂණය උපයෝගී කරගත හැකි බව විද්‍යාඥයන් ගේ මතයයි. නැනෝ අංශු ඇමිණූ ඖෂධ, ජෛව-රසායනික ආකර්ෂණ බල ඇසුරෙන් සෘජුව ම, ආසාදිත සෛල කරා ගෙන යා හැකි ක්‍රම වැඩි දියුණු කරමින් පවතී. මෙවන් උපක්‍රම රෝගවලට ප්‍රතිකාර කිරීමට මෙන් ම රෝග විනිශ්චයට ද යොදාගත හැකි ය. එසේ ම පිළිකා සෛල ආදිය නිශ්චිතව ම ස්‌ථානගත කරගැනීමට ද නැනෝ අංශුවලට හැකියාවක්‌ ඇත.

නැනෝ අංශු පමණක්‌ නො ව වෛද්‍ය විද්‍යා පර්යේෂණවල නැනෝ තන්තු ද භාවිත වේ. වයස්‌ගත වීම හා අනතුරු ආබාධ සිදු වීමෙන් සන්ධිවල කාටිලේජ ගෙවීම සහ හානි වීම සාමාන්‍ය දෙයකි. මෙසේ ගෙවී ගිය කාටිලේජ නැවත වර්ධනය කිරීමට නැනෝ තන්තු තැන්පත් කිරීමෙන් කළ හැකි බව ඔප්පු කිsරීමට ඇතැම් පර්යේෂණ කණ්‌ඩායම් මහත් ප්‍රයත්නයක යෙදී සිටි.

එසේ ම රුධිර පද්ධතියට ඇතුළු වන අපද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය අවශෝෂණය කරගෙන ඒවා රුධිර පද්ධතියෙන් ඉවත් කරන නැනෝ ස්‌පොන්ජ, රුධිර නාළ තුළ තැන්පත් වූ කොලෙස්‌ටරෝල් ඉවත් කරන නැනෝ රොබෝවරු, ස්‌වයංක්‍රියව රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම පාලනය කරන ඉන්සියුලින් රැගත් නැනෝ කැප්සියුල තව දුරටත් හුදෙක්‌ විද්‍යා ප්‍රබන්ධ නො වන්නේ ඇතැම් පර්යේෂණවල සායනික අත්හදාබැලීම් පවා මේ වන විට සාර්ථක ව නිම කර ඇති බැවිනි.

එසේ ම නැනෝ තාක්‌ෂණය පාදක කරගෙන දැනටමත් මහත් පෙරළියක්‌ සිදු වෙමින් පවතින අංශයක්‌ නම් ඉලෙක්‌ට්‍රොනික කර්මාන්තයයි. මඳක්‌ සිතා බැලුව හොත් ඉකුත් දශක කිහිපය ඇතුළත දී පෞද්ගලික පරිගණකය මේසය මත තිබෙන බරැති දැඩි උපකරණයක සිට එහෙ මෙහෙ ගෙන යා හැකි ලැප්ටොප් බවටත්, එය තව දුරටත් සැහැල්ලු වී ටැබ්ලට්‌ බවටත් පත් වී ඇත. නුදුරු අනාගතයේ දී මේ ටැබ්ලට්‌ එක තව දුරටත් සිහින් හා සැහැල්ලු වී ඉලෙක්‌ට්‍රොනික පත්‍රයක්‌ බවට පත් වුව හොත්? ඒ සඳහා වන අඩිතාලම දැන් වැටෙමින් පවතී.

ඉලෙක්‌ට්‍රොනික උපාංගවල මූලික ම පරිපථ ඒකකය වන්නේ ට්‍රාන්සිස්‌ටරයයි. සංගෘහිත පරිපථයක මෙවන් ට්‍රාන්සිස්‌ටර දස දහස්‌ ගණනක්‌ ඇතුළත් විය හැකි ය. එසේ නම් මේ ට්‍රාන්සිස්‌ටර තාක්‌ෂණයේ වෙනසක්‌ සිදු වුව හොත් මුළු ඉලෙක්‌ට්‍රොනික උපාංග ක්‍ෂේත්‍රයේ ම පෙරළියක්‌ ඇති වන බව පැහැදිලි ය. දැනට තිබෙන සිලිකන් වැනි ද්‍රව්‍යවලින් සෑදුණු දෘඪ ට්‍රාන්සිස්‌ටර වෙනුවට නැනෝ කම්බිවලින් සෑදුණු ට්‍රාන්සිස්‌ටරයක්‌ එළි දැක ඇත. මින් එක්‌ ට්‍රාන්සිස්‌ටරයක්‌ නැනෝ මීටර 20ක්‌ පමණ වන අතර මේවා නම්‍යශීලී ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය මත නැංවීමට ඇති හැකියාව නිසා විශේෂ වේ. මේවා සාදා ඇති ද්‍රව්‍ය සාමාන්‍ය දෘෂ්‍ය ආලෝක තත්ත්ව යටතේ පාරදෘෂ්‍ය වන බැවින් මේවායින් නිර්මාණය වන සංයුක්‌ත පරිපථවල බහුතරය පාරදෘෂ්‍ය විය හැකි ය. එසේ ම කාබන් නැනෝ නාළ ඇසුරෙන් ද ට්‍රාන්සිස්‌ටර එළි දැක්‌වෙමින් පවතී. මේවා ද නැනෝ මීටර 20ක්‌ තරම් දිගින් යුතු වන අතර, දැනට ලොව කුඩා ම ට්‍රාන්සිස්‌ටරය (නැනෝ මීටර 18) මේ ගණයට අයත් වේ.

මෙවන් ආකාරයේ නැනෝ ට්‍රාන්සිස්‌ටර නිපදවීමේ වාසි කිහිපයක්‌ වේ. ඉන් ප්‍රධාන වන්නේ උපාංගවල ක්‍ෂමතාවේ ඇති වන වැඩි වීමයි. මේ ට්‍රාන්සිස්‌ටරවලින් නිමැවෙන කුඩා පරිපථ ඒකක හැසිරවීමට අවශ්‍ය වන විභවයන් හා ධාරා ද ඉතා කුඩා අගයක්‌ ගනී. එනම් අඩු විද්යුත් ශක්‌තියක්‌ යොදාගෙන අපට අවශ්‍ය කාර්යයන් මේ පරිපථ තුළින් ඉටු කරගත හැකි වේ. දැනට, පරිගණක, ජංගම දුරකථන ඇතුළු ඉලෙක්‌ට්‍රොනික උපාංගවල පරිපථ නැංවීමට භාවිත කරන්නේ අස්‌ඵටික සිලිකන්වලින් සෑදූ තුනී තහඩු ය. මේවාහි නිෂ්පාදනය අධි උෂ්ණත්ව තත්ත්ව සහ විශේෂිත උපකරණ භාවිත කරන ක්‍රියාවලියකින් සමන්විත වන අතර, ඒ මත පරිපථ ගොඩනැංවීම ද ඉතා සූක්‌ෂමව සිදු කෙරෙන කර්තව්‍යයකි. මේ ක්‍රියාවලිය හා සැසඳීමේ දී නම්‍යශීලී ප්ලාස්‌ටික්‌ පත්‍ර මත නැනෝ ද්‍රව්‍ය තැන්පත් කිරීමෙන් පරිපථ නිර්මාණය කිරීම, පහසු හා ලාභදායි ක්‍රියාවලියකි. දැනටමත් කැඩ්මියම් සෙලනයිඩ් නැනෝ ස්‌ඵටික තැන්පත් කර නම්‍යශීලී පරිපථ සෑදීම, තීන්ත මුද්‍රණ යන්ත්‍රවලින් පහසුවෙන් කළ හැකි වේ.

දැනට ඉලෙක්‌ට්‍රොනික දර්ශන පථ සඳහා යොදාගන්නා එල්. ඊ. ඩී. (ආලෝක විමෝචන දියෝඩ) වෙනුවට කාබනික ආලෝක විමෝචන දියෝඩ හා "ක්‌වන්ටම් බිංදු" නැනෝ තාක්‌ෂණය හරහා එළි දක්‌වා ඇත. මේ පරිපථ ඒකක සඳහා දැනට භාවිතයේ ඇති පෙරෙන පරිපථ හා පසු ආලෝකන පද්ධති අවශ්‍ය නො වේ. මේ නිසා දැනට ඇති පැතලි දර්ශන තිර තවදුරටත් පැතලි කර අති සිහින් පත්‍ර වන් වූ දර්ශන තිර නිපදවිය හැකි වේ.

ඉලෙක්‌ට්‍රොනික පරිපථ ඒකක හා උපාංග, එකට එක්‌ කර සකසුරුවම් කරගැනීමට නැනෝ මැලියම් වර්ගයක්‌, තවත් පර්යේෂක කණ්‌ඩායමක්‌ නිපදවා ඇත. මේ මැලියම් වර්ගය, සාමාන්‍යයෙන් ඇලවීමට අපහසු සිලිකන් සහ තඹ වැනි ඉලෙක්‌ට්‍රොනික ද්‍රව්‍ය හොඳින් ඇලවීමට සමත් වීමට අමතරව තවත් අභියෝගයක්‌ ද ජයගෙන ඇත. එනම් ඉලෙක්‌ට්‍රොනික උපාංග ක්‍රියා කිරීමේ දී ජනනය වන තාපය කිදා බැස්‌වීම ය. එම නිසා දැනට පරිගණක උපාංගවල භාවිත වන විදුලි පංකාව තව දුරටත් අවශ්‍ය නො වේ. එනිසා මතු දිනක ඊ - පත්‍ර වන් ජංගම දුරකථන සහ පරිගණක පත්‍ර ඔබ ගේ සාක්‌කුවේ මෙන්ම වාහනයේ ඉදිරිපස වීදුරුවේ ද දර්ශනය කළ හැකි වනු ඇත.

ඉලෙක්‌ට්‍රොනික පත්‍ර සංකල්පය ජංගම දුරකථන සහ පරිගණකවලට පමණක්‌ සීමා නො වන්නකි. දැනට අපට දකින්නට ලැබෙන ඝනැති සහ බරැති සූර්ය කෝෂ පැනල වෙනුවට, සිහින් වූත්, නම්‍යශීලී පත්‍රයක්‌ වැනි වූත් සූර්ය පැනල නුදුරු අනාගතයේ දී අපට භාවිත කළ හැකි වේ. මේවා දැනට ඇති සූර්ය කෝෂවලට වඩා වැඩි කාර්යක්‍ෂමතාවකින් යුක්‌ත වන අතර අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි වේ. මේ සූර්ය කෝෂ, පාරදෘෂ්‍ය ද්‍රව්‍යවලින් නිපදවිය හැකි බැවින් ගොඩනැගිලිවල වහලය මත නැංවීම වෙනුවට කවුළු මත ඇතිරීමට විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. එබැවින් නුදුරු දිනක දී මහල් ගොඩනැ`ගිලිවල ඇති නිවාස සහ කාර්යාලවලට ද සූර්ය ශක්‌තියෙන් ප්‍රයෝජන ගත හැකි වනු ඇත.

නැනෝ තාක්‌ෂණයෙන් අපට යා හැකි දුර මෙතෙකැයි කිව නොහැකි ය. පෙර සඳහන් කළ පරිදි අනෙකුත් තාක්‌ෂණික විප්ලවවල මෙන්ම නැනෝ තාක්‌ෂණික විප්ලවයේ ද ප්‍රතිඵල එක්‌ අංශයකට පමණක්‌ සීමා නො වී සැම ක්‌ෂේත්‍රයක්‌ පුරාවට ම විහිදී ගොස්‌ සමස්‌ත ජීවන මට්‌ටමේ වෙනසක්‌ ඇති කිරීමට මහත් හැකියාවක්‌ ඇත. නැනෝ තාක්‌ෂණයේ දියුණුවත් සමඟ ව්‍යාප්ත වූ අංශ ගණනාවකින් ම බිහි වන අපූරු නව නිපැයුම් ගැනත් එයින් අත් කරගත හැකි දියුණුවත්, එදිනෙදා කටයුතු සදහා වන පහසුව ගැනත් අපි මෙතෙක්‌ සාකච්ඡා කළෙමු. එහෙත් නැනෝ තාක්‌ෂණයට අඳුරු පැතිකඩක්‌ ද ඇති බව මෙහි දී සඳහන් කළ යුතු වේ.

නැනෝ අංශු ඇතුළු නැනෝ ව්‍යqහයන් සහ නැනෝ ද්‍රව්‍යයන් අපට සිත් සේ භාවිත කිරීමෙන් අප ශරීරයට යම් අහිතකර බලපෑමක්‌ ඇති වේ ද යන්නට විද්‍යාඥයෝ තවමත් පිළිතුරු සොයමින් සිටිති. නැනෝ තාක්‌ෂණයේ එන අංශු සහ නැනෝ ව්‍යqහ ද අපට තවමත් ආගන්තුක ද්‍රව්‍ය වේ. මේවායේ ගුණාංග එහි හානිකර ගුණවලට වඩා වෙනස්‌ වන නිසාත් නැනෝ අංශු අපට ලෙහෙසියෙන් දැක බලාගත නොහැකි නිසාත්, එයින් ඇති විය හැකි උවදුරු ගැන අපේ දැනුම තවමත් ප්‍රාථමික මට්‌ටමක පවතී. ඉතා සිහින් වූ නැනෝ කාබන් ව්‍යqහ ශ්වසනයෙන් නාස්‌ මාර්ගය හරහා ගමන් කර, රුධිර-මස්‌තිsෂ්ක බාධකය විනිවිද ගොස්‌ මොළය තුළ ඇති ආඝ්‍රාණ බල්බය දක්‌වා ගමන් කරන බව ඇතැම් පර්යේෂණවලින් සොයාගෙන ඇත. රුධිර-මස්‌තිෂ්ක බාධකය මොළයේ ආරක්‌ෂාව සඳහා ගොඩනැගී ඇති ක්‍රියාවලියක්‌ වන අතර රුධිරයට ඇතුළු විය හැකි අපද්‍රව්‍ය මොළයට ඇතුළු වීම වැළැක්‌වීම එහි එක්‌ කර්තව්‍යයකි.

එසේ ම එක ම ප්‍රමාණයේ නැනෝ අංශු ගෝලාකාර හෝ දිගැටි ද යන්න මත ද ඇති වන බලපෑම් වෙනස්‌ විය හැකි ය. එසේ නම් නැනෝ අංශුවලින් ශරීර සෞඛ්‍යයට ඇති වන බලපෑම තහවුරු කිරීමේ දී විචල්‍යයන් රාශියක්‌ සැලකිල්ලට ගත යුතු වේ. එපමණක්‌ නො ව නැනෝ අංශු සහ නැනෝ ද්‍රව්‍ය මඟින් ඇති වන බලපෑම සෙවීමට වරක්‌ හෝ දෙවරක්‌ හෝ පරීක්‌ෂා කිරීමෙන් පමණක්‌ සෑහීමකට පත් විය නොහැකි ය. ඇතැම් ද්‍රව්‍යවලින් ශරීරයට බලපෑමක්‌ ඇති කළ හැක්‌කේ කාලාන්තරයක්‌ තිස්‌සේ නිරාවරණය වීමෙනි. එනිසා නැනෝ ද්‍රව්‍යවලින් ශරීරයට ඇති වන බලපෑම සහ අවදානම් තත්ත්ව හඳුනාගැනීමට කාලාන්තරයක්‌ පුරා විධිමත් පර්යේෂණ සිදු කළ යුතු වේ. ඉන් පසු ඒවාහි ප්‍රතිඵල ඇසුරෙන් ආරක්‌ෂිත සීමා මට්‌ටම් ගැන නිර්දේශ ඉදිරිපත් විය යුතු ය.

නැනෝ ද්‍රව්‍ය ම`ගින් ශරීරයට ඇති අවදානම මෙන්ම ඒවා පරිසරයට මුදාහැරීමෙන් ස්‌වාභාවික පරිසරයට ඇති විය හැකි බලපෑම පිළිබඳව ද එතරම් විධිමත්ව අධ්‍යයනය කෙරී නැත. දැනට මේ නැනෝ ද්‍රව්‍ය වාතයට, ජලයට සහ පසට එකතු වීමෙන් ඇති විය හැකි බලපෑමත්, දීර්ඝ කාලීනව එවන් ද්‍රව්‍ය සාන්ද්‍රගත වීමත් නිසා ඇති sවන බලපෑමත් ගැන අපට ඇත්තේ අල්ප දැනුමකි. නැනෝ ද්‍රව්‍යවලින් ඇති විය හැකි ශාරීරික හා පාරිසරික බලපෑම සංඛ්‍යාත්මකව තහවුරු කිරීම තරමක්‌ අසීරු සහ සංකීර්ණ කාර්යයක්‌ වුවත්, එය විද්‍යාත්මක ගවේෂණයක්‌ වේ. එනමුත් නැනෝ තාක්‌ෂණයෙන් ඇති විය හැකි සදාචාරාත්මක හා සමාජයීය බලපෑම පිළිබඳව පූර්ව නිගමනවලට එළඹීමත්, එහි ප්‍රතිඵල තක්‌සේරු කිරීමත්, ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියකි. විද්‍යාවට සහජයෙන් ම ලැබුණු ආචාරධර්ම පද්ධතියක්‌ නැත. එය මිනිසා ගේ යහපත උදෙසා භාවිත කරනවා ද නොමැති නම් හානිය උදෙසා භාවිත කරනවා ද යන්න තීරණය වන්නේ එය භාවිත කරන පුද්ගලයා ගේ ආචාර ගුණ ධර්මවලට අනුව ය. නැනෝ තාක්‌ෂණය භාවිතයෙන් අපට සුබදායක වන යෙදුම් අසීමිත ලෙස නවෝත්පාදනය කළ හැකිවා මෙන්ම, තවත් කෙනෙකුට විනාශකාරී යෙදුම් ද අසීමිත ලෙස නිර්මාණය කිරීමට හැකියාව ඇත. අපූරු ගුණ ඇති නැනෝ ද්‍රව්‍ය යොදාගෙන සුපිරි අවි, යුද ආම්පන්න සහ ආරක්‌ෂිත ක්‍රමවේද නිර්මාණය කිරීමට කිසිත් බාධකයක්‌ තිබේ ද?

නැනෝ තාක්‌ෂණයේ පිහිටෙන් යුධ මෙහෙයුම්වල නිරත වන භටයින්ට සැහැල්ලු, වෙඩි නො වදින, උෂ්ණාධික හා ශීතාධික තත්ත්වවලින් ශරීරය ආරක්‌ෂා කරන, ශරීර සෞඛ්‍යය පිළිබඳ දත්ත ඉබේ ම සන්නිවේදනය කරන නිල ඇඳුම් නිපදවීමට ඇමෙරිකාවේ පිහිටි රසායනික හා ආරක්‌ෂක සංවිධානය උත්සාහ දරමින් සිටී. මේ ලැයිස්‌තුවට තව අපූරු අදහසක්‌ ද එක්‌ ව තිබේ. ඒ "අදෘෂ්‍යමාන කබාය" නම් වූ සංකල්පයයි. මෙවන් කබායක විශේෂත්වය නම් එයින් සැරසුණු පුද්ගලයා හෝ වස්‌තුව දෑසට නො පෙනී යැමයි.

ආරක්‌ෂක අංශවලට නැනෝ තාක්‌ෂණය උපයෝගී කරගෙන මෙවන් දේ නිපදවීමට හැක්‌කේ එම රාජ්‍යයන්ට ඒ සඳහා වැය කිරීමට ධනය ඇත්නම් පමණි. එසේ නම් ධනවත් ජාතීන් හට මෙයින් මහත් බලයක්‌ අත් කරගත හැකි වීම සැලකිල්ලට ගත යුතු කරුණක්‌ වේ. එසේ නම් නැනෝ තාක්‌ෂණයේ දියුණුවත් සමඟ ලොව ඇති -නැති පරතරය තවදුරටත් උග්‍ර වේ ද?

©obadhannawadha01_lk©

Comments

Popular posts from this blog

⚠️RED ROOMS⚠️

Nikola Tesla (1856-1943) Sinhala

🔰PREMIUM SOFTWARE-VIDEO EDITING SOFTWARE🔰